ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයා දුනිත්

ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයා දුනිත්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අගෝස්තු මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබේ.

ඒ පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී දුනිත් දැක් වූ දක්ෂතා මුල් කර ගනිමින්.

මාසයේ ක්‍රීඩකයා ලෙස තේරී පත් වීම සඳහා දුනිත් හා තරඟ වැදී ඇති අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා වූයේ දකුණු අප්‍රිකානු කන්ඩායමේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී ජේඩන් සීල්ස් ය.