ලෝක ප්‍රකට තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් අභාවප්‍රාප්ත වෙයි.

ලෝක ප්‍රකට තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් අභාවප්‍රාප්ත වෙයි.

ලෝක ප්‍රකට තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් මහතා මිය ගොස් තිබෙනවා.

සකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතය පමණක් නොව ජෑස් හා රොක් සංගීතයට ද තබ්ලා වාදනය එක්කළ අසහාය දක්ෂතාවයක් ඇති පුද්ගලයකි.

මිය යන විට සකීර් හුසේන් 73 හැවිරිදි වියේ පසුවුනා.

සිඩ්නි හා මෙල්බර්න් හි අතිශය සාර්ථක ප්‍රසංගයකින් මාස කිහිපයකට පසුව ඔහු මෙලෙස ජිවිතයෙන් සමුගෙන ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ පවුලේ සාමාජිකයන් පැවසුවේ පෙනහළු ආශ්‍රිත රෝගාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි.

1951 වසරේදී මුම්බායි හි උපත ලද සකීර් ප්‍රකට තබ්ලා වාදකයෙකු වන අල්ලා රකාගේ වැඩිමහල් පුත්‍රයායි.

සකීර් හුසේන් 1973 දී ජාත්‍යන්තර අවධානයට ලක් වූයේ ජෝර්ජ් හැරිසන්ගේ ලිවිං ඉන් ද මැටීරියල් වර්ල්ඩ් ඇල්බමය සහ සැක්සෝෆෝන වාදක ජෝන් හැන්ඩිගේ 1973 ඇල්බමය හාඩ් වර්ක් සඳහා වාදකයෙකු ලෙස දායක වීමත් සමගයි.

හුසේන්ගේ වෘත්තීය ජීවිතය දශක 5ක් පුරා විහිදුනු අතර ඔහු ඉන්දියාවේ ජාතික වස්තුවක් ලෙසද ගෞරවාදරයට පාත්‍ර වී තිබෙනවා.