
හුළංගල කන්දෙන් පහළට ඇද වැටී තරුණයෙක් මරුට
මාතලේ, සැලගම හුළංගල නැරඹීම සදහා පැමිණි තරුණයෙක් ඊයේ (16) හුලංගල කන්දෙන් අඩි 400ක් පමණ පහළ කැළෑවකට ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගිය තරුණයා කොළඹ 05 දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ බිනර පබසර නැමති අවුරුදු 22ක අයෙකු බවද පොලිසිය කියයි.
මරණකරු තවත් තරුණයෙන් සිව්දෙනෙකු සමග 15 වනදා රාත්‍රියේ සැලගම වතු යායේ හුළංගල ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති අතර ඉන් පසු ඊයේ (16) උදෑසන 7:00 පමණ මෙම පිරිස එම ස්ථානයෙන් පහළට පැමිණ තිබේ.
එම අවස්ථාවේදී මරණකරු එකවර දුවන්නට පටන් ගෙන ඇති අතර එවිට ඔහු පහළ කැළෑ ප්‍රදේශයකට වැටී ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය පිළිබඳව මහවෙල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවත් හුලංගල කන්දෙන් පහලට ඇදවැටුණු තරුණයාගේ මළ සිරුර බිසෝ ඇල්ල ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් සොයාගෙන ඇති බවද පොලිසිය පැවසීය.
මේ අතර, මියගිය තරුණයාගේ ශරිරයේ කොටස් කැළෑ ප්‍රදේශයේ විසිර තිබු බව ගම්වාසීන් පැවසීය.
සිද්ධිය සම්බන්ධව මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.