හජ් වන්දනාවේ ගිය 6ක් අධික උණුසුමෙන් ජීවිතක්ෂයට

හජ් වන්දනාවේ ගිය 6ක් අධික උණුසුමෙන් ජීවිතක්ෂයට

සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි.

සෙල්සියස් අංශක 48ක් (ෆැරන්හයිට් අංශක 118) දක්වා මක්කම උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ මෙම මරණ හය සිදුව ඇති බවයි වාර්තා වන්නේ

මෙලෙස තාප ආඝාතයෙන් මියගිය වන්දනාකරුවන් 6 දෙනාම ජෝර්දාන වැසියන්ය.

සෞදි බලධාරීන්ට අනුව, මෙවර හජ් වන්දනාවට මිලියන 1.8 ක් සහභාගී වෙති.

ජෝර්දාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, භූමදානය කිරීමේ ක්‍රියා පටිපාටි සහ ඔවුන්ගේ සිරුරු නැවත ජෝර්දානයට මාරු කිරීම සම්බන්ධයෙන් ජෙඩාහි සෞදි බලධාරීන් සමඟ සාකච්ඡාකරමින් සිටින බවයි.

මේ අතර ජෝර්දානය මීට පෙර පවසා ඇත්තේ මේ වසරේ සිය නිල දූත පිරිසට වන්දනාකරුවන් 4,000 කට වැඩි පිරිසක් සිටින බවයි.

Six Jordanian pilgrims die during Hajj | Roya News

Six Hajj pilgrims die from heatstroke in Mecca, as temperatures head for 118 degrees Fahrenheit | CNN