හඩ්සන් ගඟට හෙලිකොප්ටරයක් කඩා වැටී 6ක් මරුට

හඩ්සන් ගඟට හෙලිකොප්ටරයක් කඩා වැටී 6ක් මරුට

අමෙරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට ස්පාඤ්ඤ සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් ​​කඩා වැටීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එලෙස කඩා වැටි ඇති බවයි.

මියගිය පිරිස අතර ළමුන් තිදෙනෙකු ද වේ.

අදාළ අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නිව්යෝර්ක් පොලිස් කොමසාරිස්වරිය පවසා ඇත්තේ මියගිය ඥාතීන්ගේ පවුල් වලට දැනුම් දෙන තුරු වින්දිතයින්ගේ අනන්‍යතා හෙළි නොකරන බවයි.

අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.