අපිරිසිදු හෝටල් තුනකට මුද්‍රා තැබේ – තවත් පහකට නඩු

අපිරිසිදු හෝටල් තුනකට මුද්‍රා තැබේ – තවත් පහකට නඩු

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් පන්නිපිටිය සහ දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් දෙකෙහි සිදුකළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ ස්ථාන තුනකට මුද්‍රා තබා තවත් ස්ථාන 5කට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කෝසල මුතු කුමාරණ මහතා පවසනවා.

මීට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ, හෝටල්, බේකරි, සහ ආපනශාලා 12කට එරෙහිව නිවේදන නිකුත් කළ අතර, දින 14ක් ඇතුලත එම ස්ථාන වල වැරදි නිවැරදි කොට දැනුම් නොදුනහොත් ඊට එරෙහිවද අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බවයි.

පන්නිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක හා දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක ගයාන් ප්‍රසංග මහතාගේ මෙහෙයවීමෙන් පැවති මෙම වැටලීමේදී හෝටල් බේකරි ආපනශාලා 37 පරීක්ෂාවට ලක් කෙරුණා.