
සිරුරට දැනෙන උණුසුම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
පළාත් කිහිපයක උණුසුම අද (18) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (18) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටියි.
එමෙන්ම කුඩා දරුවන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ වැඩි අවදානයකින් කටයුතු කරන ලෙස ද දන්වා තිබේ.
මේ අතර ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය රත්නපුරෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 36.6ක්.
අඩුම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයෙන්.