සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වී 30ක් රෝහලට

සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වී 30ක් රෝහලට

පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ.

සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සැකසීමේ දී රසායනික ද්‍රව්‍යයක් වෙනස් වීමෙන් මෙම තත්ත්වය හට ගෙන ඇත.

කෙසේ වෙතත් එම සිදුවීමෙන් අනතුරුව තාවකාලිකව අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමට උපදෙස් දුන් බව පොලීසිය පවසයි.

රෝගී වූ පිරිසක් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, තවත් පිරිසක් පෞද්ගලික ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

Share This