ගුරුවරයෙකුගෙන් පහර කෑ සිසුවියක් රෝහලට

ගුරුවරයෙකුගෙන් පහර කෑ සිසුවියක් රෝහලට

පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් විජිත මහා විද්‍යාලයේ දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහර දීමෙන් ඊයේ (20) දා පුලස්තිගම රෝහලට ඇතුළත් කර තිබේ.

හිසට පහර වැදීම නිසා රෝහල්ගත කළ සිසුවිය වැඩිදුර ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහලට අද (21) ඇතුළත් කර ඇති බව පුලස්තිගම පොලිසිය කියයි.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පුලස්තිගම පොලිසිය විසින් සිදුකරයි.

Share This