හොන්ඩුරස් රාජ්‍යයේ ගුවන් යානයක් කඩා වැටී 12 ක් මරුට

හොන්ඩුරස් රාජ්‍යයේ ගුවන් යානයක් කඩා වැටී 12 ක් මරුට

මධ්‍යම අමෙ­රි­කානු රටක් වන හොන්ඩුරාස් රාජ්‍යයට අයත් කුඩා ගුවන් යානයක් කඩා වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම ගුවන් යානයේ මගීන් 14 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙ­නකු සමග 17 දෙනෙකු සිට ඇති අතර, ඉන් පස් දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර ඇත.

මිය ගිය අය අතර එරට ජන­ප්‍රිය ගාය­ක­යකු වන ඔරේ­ලියෝ මාටි­නන්ස් ද සිටි බව වාර්තා වේ.

හොන්ඩුරස් රාජ්‍යයට අයත් සංචාරක පුරවරයක් ලෙස ප්‍රකට කැරිබියන් දූපතක් වන රොවාටන් දූපතේ සිට ලා සෙයිබා ගුව­න්තො­ටු­පොළ දක්වා ගමන් ආරම්භ කළ අවස්ථාවේදී මෙම ගුවන් යානය මුහුදට කඩා වැටී තිබේ.

අනතුරින් පසුව එරට ගිනි නිවන ඒක­කය සහ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය එක්ව සිදු කළ මෙහෙ­යු­ම­කින් කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­ය­කුගේ ඇතුළු මළ සිරුර 12ක් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

මුහු­දට කඩා වැටුණු ගුවන් යානයේ සිටි සෙසු මගීන් 5 දෙනා බේරා ගැනී­මට මෙහෙ­යුම් කණ්ඩා­යම් සමත් වූ බව ද වාර්තා වේ.

අන­තු­රට හේතුව තාක්ෂ­ණික ගැට­ලු­වක් බව මූලික විම­ර්ශ­න­යේදී හෙළි වී තිබේ.