කිසිවෙකු නොමැති අද්භූත නිවසක් නාගර්කෝවිල් වෙරළට
කිසිවෙකු නොමැති අද්භූත නිවසක් යාපනය – වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්රදේශයේ වෙරළ තීරයට පාවී පැමිණ තිබෙනවා.
ජල පහරත් සමග අද අලුයම 3ට පමණ මෙම නිවස ජලයේ පාවෙමින් ගොඩබිමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෑත කාලයේ බොහෝ අග්නිදිග ආසියාතික රටවල මුහුදු මට්ටමේ වෙනස්වීම් හේතුවෙන් මුහුදු කුණාටු සහ සුළි කුණාටු ඇති වේ.
මියන්මාරය, තායිවානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව ආදී රටකින් මෙම නිවස පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
එම නිවස බෞද්ධ ආගමට අයත් සාම්ප්රදායික අංග රැසකින් සමන්විත වීම ද විශේෂත්වයක්.
බෞද්ධ සංස්කෘතිය හා ජීවත් වූ කිසිවෙකු මෑතකදී එහි පදිංචිව සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකි යම් යම් උපකරණ ද එම නිවසේ දකින්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.