හොල්මන් මන්දිරයේ යකාට සිටි 13 හැවිරිදි සිසුවාට රෝහල් ගත වෙන්නම පහරදීලා

හොල්මන් මන්දිරයේ යකාට සිටි 13 හැවිරිදි සිසුවාට රෝහල් ගත වෙන්නම පහරදීලා

පොසොන් උත්සවය නිමිත්තෙන් කුඩා ළමුන් පිරිසක් එක්ව පවත්වන ලද හොල්මන් මන්දිරයකට බීමතින් ඇතුළුවූ පුද්ගලයන් තිදෙනෙකු එහි යක්ෂයෙකු ලෙසින් පෙනී සිටී 13 හැවිරිදි පාසල් සිසුවෙකුට රෝහල් ගතවෙන්නම පහරදුන් පුවතක් කළුතර පැල්පොල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙලෙස පහරකා රෝහල් ගතකර ඇත්තේ, කළුතර උතුර පැල්පොල තොටුපළ පාරේ පදිංචි, ඒ.ඩී සිතුම් ලක්මින නැමැති පාසල් සිසුවෙකි.

ප්‍රදේශයේ කුඩා ළමුන් පිරිසක් එක්ව කාලයක පටන් වෙහෙස මහන්සිවී හොල්මන් මන්දිරය සකස් කර පොසොන් දින කිහිපය තුලදී එය පවත්වා තිබේ.

එහි තුන්වන දින රාත්‍රි ප්‍රදර්ශනය කරන අවස්ථාවේ බීමතින් පැමිණි තිදෙනෙකු භූත ගුහාවට ඇතුළුවී ඇති බව වාර්තාවේ.

පහරකා රෝහල් ගතකර සිටින ළමයා යක්ෂයෙකු ලෙසින් ඔවුන් ඉදිරියට කඩාපැන ඇති අතර, එහිදී උරණ වූ තිදෙනා යක්ෂයාගේ බෙල්ලෙන් අල්ලා පහරදී ඇති බව සදහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.