ඉන්දියාවෙන් පළමුවරට HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි

ඉන්දියාවෙන් පළමුවරට HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස අසධිතයින් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් සොයාගෙන තිබේ.

නියුමෝනියා රෝග ලක්ෂණ සහිතව පැමිණ කර්නාටක ප්‍රාන්තයේ, රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මාස 08 ක පිරිමි දරුවෙකු සහ මාස 03 ක ගැහැණු දරුවෙකු මෙලෙස අසධිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඔවුන් දෙදෙනාගෙන් දැරිය රෝහලෙන් පිටව ගොස් ඇති අතර පිරිමි ළමයා සුවය ලබමින් සිටින බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස අසාදනයට ලක්වූ ළදරුවන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් වෙනත් කලාපවල හෝ රටවල් වල මෑත කාලීනව සංචාරය කර නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරස තත්ත්වය එතරම් බරපතළ නොවනු ඇති බවය.

පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.