ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මරුට

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගොස් තිබේ.

මේ බව ලෙබනන් හිස්බුල්ලා සංවිධානය ද තහවුරු කර ඇත.

ඊබ්‍රහීම් අකිල් ට අමතරව‍ තවත් හිස්බුල්ලා සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන් කීපදෙනකු ද මෙම ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි පැවැසෙයි.

එම ගුවන් ප්‍රහාරය බේරූට්හි උප නගරයක් වන ඩහී ප්‍රදේශයට එල්ල වී ඇති බවට වාර්තා වන අතර ප්‍රහාරයෙන් මියගිය පිරිස 14 ක් බව ද පැවැසෙයි.

නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර පේජර් සහ වෝකි ටෝකි පුපුරවා හැරීමෙන් පසුව ඊශ්‍රායල එල්ල කල දෙවන ප්‍රහාරය මෙය වේ.

ප්‍රහාරයෙන් විනාශ වුණු නිවාස සහ ගොඩනැගිලි සුන්බුන් අතරේ තවත් කීප දෙනෙකු සිරවී සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 

COMMENTS