ඡන්දය දාන්න පෞද්ගලික අංශයේ අයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

ඡන්දය දාන්න පෞද්ගලික අංශයේ අයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ඡන්දදායකයන්ට අවස්ථාව ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, සේවා ස්ථානයේ සිට ඡන්ද ප්‍රකාශ කරන ස්ථානය වෙත යාමට හැකිවන පරිදි වැටුප් සහිත විශේෂ නිවාඩුවක් ලබා දීමට අවශ්‍ය බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අනුව, සේවා ස්ථානයේ සිට ඡන්ද පොළ දක්වා දුර කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩු කාලයක් ද, කිලෝමීටර් 40 ත් 100 ත් අතර නම් දින එකක නිවාඩු කාලයක් ද, කිලෝමීටර් 100 ත් 150 ත් අතරනම් දින 1 හමාරක කාලයක් ද, කිලෝමීටර් 150 ට වඩා වැඩි නම් දින 02 ක නිවාඩු කාලයක් ද ලබා දීම සිදු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.