වොෂින්ටන්හිදී ගුවන් යානයක් හෙලිකොප්ටරයක ගැටී බිහිසුණු අනතුරක් (Video)

වොෂින්ටන්හිදී ගුවන් යානයක් හෙලිකොප්ටරයක ගැටී බිහිසුණු අනතුරක් (Video)

ඇමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි රේගන් ජාතික ගුවන්තොටුපළ අසල ගුවනේදී ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් සහ ඇමෙරිකන් හමුදාවට අයත් ‘බ්ලැක්හෝක්’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී අනතුරක් සිදුව තිබේ.

ඊයේ (29) රාත්‍රි 09 ට පමණ පියාසර කරමින් තිබියදී එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී යානා දෙකම අසල පිහිටි පොටොමැක් ගංගාවට ඇදවැටී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කැන්සාස් ජනපදයේ විචිටා නුවර සිට වොෂින්ටන් අගනුවර රේගන් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ මගීන් 64 දෙනෙක් ගමන් කර ඇති අතර අනතුරට ලක්වූ බ්ලැක්හෝව්ක් යානය තුළ නිලධාරීන් තිදෙනෙක් සිටි බව සඳහන් වේ.

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇති අතර ජීවිත හානි සහ අනතුරට හේතුව පිළිබඳ විස්තර තවමත් තහවුරු කර නොමැති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කටයුතු තාවකාලිකව මුළුමනින්ම අත්හිටුවා තිබේ.