ඉදිරි මාස 3 තුළ සෞඛ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍ර සඳහා නව බඳවා ගැනීම් 6,145ක්

ඉදිරි මාස 3 තුළ සෞඛ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍ර සඳහා නව බඳවා ගැනීම් 6,145ක්

ඉදිරි මාස තුනක කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ සඳහා නව බඳවා ගැනීම් 6,145ක් සිදුකරන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (06) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ සිය කථාව පවත්වමිනි.

ඒ අනුව, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976කට, මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් 238කට, ඖෂධ වේදීන් 65කට වෘත්තීය චිකිත්සකයින් 43කට, විකිරණ ශිල්පීන් 41කට මාර්තු මස මැද වනවිට පත්වීම් ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම, හෙද නිලධාරීන් 3147කට අප්‍රේල් මාසයේදී පත්වීම් ලබාදෙන බවත් එසේම මැයි මාසය වනවිට රෝහල් උපස්ථායකයන් දහසක් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.