සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මින් පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම් වරයෙකු වශයෙනුත් සේවය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම සංවිධානයේ නියෝජිතවරයෙකු වශයෙන් ද පත්කර තිබිණි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් කල එතුමා කීර්තිමත් රාජ්‍ය නිළධාරියෙකි.