හෂීෂ් සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට

හෂීෂ් සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනා හෂිෂ් මත්ද්‍රව්‍ය සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය පවසයි .

එම සැකකරු සමඟ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 870 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

කළුතර දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර දකුණ අලුත් පාළම අසලදීය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන අළුබෝමුල්ල පමුණුගම දිගන තුඩුව පාරපදිංචිකරුවෙකි.