සොරකම් කළ වත්කම් යළි අයකර ගැනීමට නව පනත් කෙටුම්පත් 3ක්

සොරකම් කළ වත්කම් යළි අයකර ගැනීමට නව පනත් කෙටුම්පත් 3ක්

‍එළැඹෙන කාර්තුවේ දී සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, අපරාධ පනත් කෙටුම්පත, මුදාගැනීම, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත් කෙටුම්පතේ සංශෝධන එලෙස ඉදිරිපත් කරන බවය.

සොරාගත් වත්කම් අයකර ගැනීම, මූල්‍ය අපරාධ වැළැක්වීම, ණයහිමියන් සහ ණය ගැතියන් ආරක්ෂා කිරීම පෙරදැරි කරගනිමින් අදාළ නව පනත් කෙටුම්පත් ඉදිරිපත් වනු ඇති.