මුදල් කාරක සභා සභාපති ධුරය හර්ෂට
පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ආචාර්ය හර්ෂද සිල්වා මහතා මුදල් කාරක සභා සභාපති ධුරයට පත් කරන ලද බව පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඔහුට අමතරව එම කාරක සභාවේ සේවය කිරීම සඳහා ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනුණු බව සඳහන් කළේය.