රන් හා රිදී පදක්කම් දිනූ ශ්‍රී ලාංකික කායවර්ධන ශූරයා දිවයිනට

රන් හා රිදී පදක්කම් දිනූ ශ්‍රී ලාංකික කායවර්ධන ශූරයා දිවයිනට

ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය (International Federation of Body Building ) (I.F.B.B.) විසින් සංවිධානය කර තිබූ ඩයමන්ඩ් කුසලාන – ලෙබනනය(Diamond Cup – Lebanon ) ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රිඩක හර්ෂ් ඩී පීරිස් ඉතිහාසයේ පළමු වතාවට සෙන්ටි මීටර් 175 (Fit Model)ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත් , සෙන්ටි මීටර් 173 ( Mens Physique ) ඉසව්වෙන් දෙවන ස්ථානයත් දිනා අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම ප්‍රථම සහ දෙවන ස්ථාන ජයග්‍රහණය කිරීම වෙනුවෙන් රන් සහ රිදී පදක්කම් ප්‍රදානය කිරීම වෙනුවට කුසලාන සහ සහතික පත්‍ර ලබා දී තිබුණි .

මෙම ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලිය ඉකුත් 08/23 සිට 08/24 දින දක්වා ලෝකයේ රටවල් 25 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ලෙබනනයේ බේරූට් නුවර පවත්වා තිබුණි .

මොරටුව ප්‍රදේශයේ පදිංචි හර්ෂ් ඩී පීරිස් එක් දරු පියෙකු වන අතර ඔහුගේ සිසුන් විශාල පිරිසක් ද මේ වනවිට කායවර්ධන ක්‍රීඩා ක්ෂේත්‍රයේ දස්කම් දක්වමින් සිටිති .

ඔහු පිළිගැනීම සදහා ඔහුගේ බිරිඳ , කුඩා දියණිය , ඔහුගේ මව , පියා ඇතුළු කායවර්ධන ක්‍රීඩකයින් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.