අලුත් ක්‍රීඩා මධ්‍යස්ථාන 05ක් උත්සව නොතියා විවෘත කරන්නැයි අගමැතිනියගෙන් උපදෙස්

අලුත් ක්‍රීඩා මධ්‍යස්ථාන 05ක් උත්සව නොතියා විවෘත කරන්නැයි අගමැතිනියගෙන් උපදෙස්

ප්‍රදේශ හතරක අලු‍තින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන 05ක් චාරිත්‍රානුකූල උත්සවවලින් තොරව මහජනතාවට විවෘත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදීයී.

කොළඹ සහ මාතලේ ඉදිකළ කෘත්‍රිම හොකී පිටිය,
බිංගිරිය වයඹ ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය,
ඕමන්තේ වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ බහු ක්‍රීඩා ගෘහස්ත ක්‍රීඩාංගණය,
ඕමන්ත වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය

එලෙස මහජනතාවට විවෘත කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර දේශපාලනීකරණයට ලක්වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදා ගතයුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් වසර 05කට පසු විශේෂ වැඩමුළුවක් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රධානත්වයෙන්.

ඊට එක්වෙමින් ඇය මේ බව සදහන් කළා.