හරිනි හා විජිතගේ මුද්දර ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

හරිනි හා විජිතගේ මුද්දර ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

ලෝක තැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයා‍ගේ රුව ඇතුලත් මුද්දර නිකුත් නොකළ බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරනය කරනවා.

මේ සම්බන්ධයෙන් සමාජ  මාධ්‍ය ඔස්සේ පල වන වාර්තා දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

ලෝක තැපැල් දින ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

එහිදී ලෝක තැපැල්දින සමරු මුද්දරය සහ විශ්වතැපැල් සංගමයේ 150 වන සංවත්සරව සමරු මුද්දරය නිකුත් කෙරුණා.

ප්‍රධාන ආරාධිතයන් දෙපල වෙත ඔවුන්ගේ රුව සහිත පුද්ගල කාරක මුද්දර ඇතුළත් සමරු තිළිණ දෙකක් ප්‍රදානය කිරීම ද සිදු කෙරුණා.

මෙවැනි පුද්ගලකාරක මුද්දර ඕනෑම අයෙකුට තමා කැමති රුවක් යොදා මුද්‍රණය කර ලබාගැනීමට හැකියාව පවතිනවා.

එහෙත් එම මුද්දර හුදෙක් සිහිවටන තිළිණ මිස භාවිතයට ගත හැකි වලංගු මුද්දර නොවෙයි.

තැපැල් දෙපාර්තමේන්තුව  සාමාන්‍යයෙන් විශේෂ අවස්ථාවන්හිදී පුද්ගලකාරක මුද්දර සිහිවටන ලෙස  ලබාදීම සිදු කරනවා.

ඊයේ දිනයේ සිදු වූයේ ද මෙවැනි කාර්යක් මිස එදිනෙදා භාවිතයට ගන්නා මුද්දර නිකුතුවක් නොවන බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.