
හරක් කටාට CID යෙන් පනින්න උදව් කළ කොස්තාපල් දිවයිනට රැගෙන එයි
නදුන් චින්තක නොහොත් “හරක් කටාට” CID යෙන් පළායාමේ උත්සාහය සඳහා ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල් රවිඳු සන්දීප ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ මගින් එරටදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දිවයිනට රැගෙන විත් තිබේ.
ඉන්දීයාවේ චෙන්නායි ගුවන්තොටුපොළේ සිටි අද (19) දහවල් 12.35ට පමණ එම සැකකරුවන් රැගෙන ආ බවයි, අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.
එම සැකකරුවන් සිව්දෙනා මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බව වාර්තා වෙයි.