හමාස් නායකයා ඝාතනය කෙරේ

හමාස් නායකයා ඝාතනය කෙරේ

පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඔහු නැවතී සිටි නිවසට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රහාරය හේතුවෙන් හමාස් නායකයාගේ ආරක්ෂකයෙක් ද මියගොස් ඇති බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් හමාස් සංවිධානය ඊශ්‍රායලයට චෝදනා එල්ල කර ඇති අතර ඊශ්‍රායලය එම චෝදනාවට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

හමාස් නායක ඉස්මායිල් හානියේට ඉරානයේත්, ලෙබනනයේත් නිවාස ඇති අතර ඔහු ඉරානයේ ටෙහෙරාන් බලා ගොස් ටෙහෙරාන් නිවසේ රැඳී සිට ඇත්තේ, ඉරාන ජනාධිපති ධුරයට පත් වුණු මසූඩ් පෙසෙෂ්කියන් ගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීම සඳහා බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.