විසල් හම්බන්තොට ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමිවූවන්ට ඉඩම්

විසල් හම්බන්තොට ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමිවූවන්ට ඉඩම්

විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්කර ගැනීමේ හා පවරා ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සුවිසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් 97 කගේ නිවාස අහිමි වී ඇති බැවින් ඔවුන් වෙත විකල්ප ඉඩම් ලබා දිය යුතුව ඇති බව රජය පවසයි.

ඒ අනුව, හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 10.11ක් පමණ වූ රජයේ ඉඩමක් එම පිරිසට ලබාදීමට විකල්ප ඉඩමක් ලෙස හඳුනාගෙන ඇත.

එම ඉඩමේ නේවාසික භාවිතය සඳහා බිම් කොටස් 126ක් හඳුනාගෙන ඇති අතර, මේ වනවිට නිවාස අහිමි වූ පවුල් 97න් පවුල් 84ක් සඳහා බිම් කොටස් වෙන් කර දී ඇත.

අදාල ඉඩම් කොටස් සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ මග පෙන්වීම යටතේ නීත්‍යානුකූල දීමනා පත්‍ර නිකුත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.