
ග්වාතමාලාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 51ක් මරුට
ග්වාතමාලාවේ දී බසයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 51 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ග්වාතමාලාවේ අගනුවරට සහ ඉන් පිටතට කාර්යබහුල මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථය, මාර්ගයක් සහ ගංගාවක් හරහා ගමන් කරන පුවෙන්ටේ බෙලිස් අධිවේගී මාර්ගයේ පාලමෙන් වැටීමෙන් පසු දූෂිත මිටියාවතකට පෙරළී ගොස් අනතුර සිදුව තිබේ.
නගරයේ ගිනි නිවන සේවයේ ප්‍රකාශක මයිනෝර් රුවානෝ පැවසුවේ, සුන්බුන් අතර සිරවී සිටින අනෙකුත් පුද්ගලයින් බේරා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.
එහිදී පිරිමි 36 දෙනෙකුගේ සහ කාන්තාවන් 15 දෙනෙකුගේ සිරුරු පළාත් මෘත ශරීරාගාරයට යවා ඇති බවයි, වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් ග්වාතමාලාවේ ජනාධිපති බර්නාඩෝ අරෙවාලෝ දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.