තමාට පහර දුන්නැයි මහින්දානන්දට එරෙහිව ගුණතිලක දැමූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගෙන

තමාට පහර දුන්නැයි මහින්දානන්දට එරෙහිව ගුණතිලක දැමූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගෙන

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ තමාට පහර දුන් බවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ කළ පොලිස් පැමිණිල්ල ඊයේ (01දා) ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීමෙන් පසුව සිද්ධියට අදාළව ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා ලිඛිතවද, ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ කොටුව පොලිසියට ගොස්ද මෙම පැමිණිලි කර තිබිණි.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් තිදෙනකුගෙන් කොටුව පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.

මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේ සිද්ධිය සිදු වු බව කියන අවස්ථාවේදී ඒ අසල රැඳී සිටි මන්ත්‍රිවරුන්ගෙනි.

මේ අතර පහරදී තමන්ට තුවාල සිදුකළ බවට ජනමාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරීම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය මස 14 වැනිදා පැවැසීය.

 

Share This