ග්‍රේට්වෙස්ටන් කඳුවැටිය නැරඹීම ගැන තීරණයක්

ග්‍රේට්වෙස්ටන් කඳුවැටිය නැරඹීම ගැන තීරණයක්

තලවකැලේ පිහිටි ග්‍රේට්වෙස්ටන් කඳුවැටිය නැරඹීමට හා රාත්‍රී කඳවුරු බැඳීමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පවසයි

ග්‍රේට්වෙස්ටන් කඳුවැටියේ ඉහළ කොටසේ තිබියදී ඉකුත් 01 දා අභිරහස් ලෙස මිය ගොස් සිටි තරුණියකගේ මළසිරුරක් හමුව ඇති බවත්, ඇගේ සිරුර පහළට රැගෙන ඒමට ගිය හමුදා කණ්ඩායමේ සාමාජිකයෙකුද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ගලබොඩ මහතා පැවසීය.

ග්‍රේට්වෙස්ටන් කඳුවැටිය නැරඹීමට හෝ එහි කඳවුරු බැඳීමට නිසි ක්‍රමවේදයක් වගකියයුතු අංශ විසින් සිදු කොට නොමැති බවත්, වනසංරක්ෂණ හා වනජීවී දෙපාර්තුමේන්තුව එක්ව මේ සඳහා සුදුසු වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද ගලබොඩ මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තු නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් හා ඒ සම්බන්ධ අනෙකුත් නිලධාරීන් සමග සිදු කීරීමට වාර්තා වෙයි

එම සාකච්ඡාවෙන් පසු ග්‍රේට්වෙස්ටන් කඳුවැටිය නැරඹීමට හා එහි කඳවුරු බැඳීමට ආරක්ෂිත සුදුසු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටබලාපොරොත්තු වන බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා වැඩිදුරටත් පැවැසීය.

Share This