ග්‍රාම නිලධාරී වර්ජනය අදත්

ග්‍රාම නිලධාරී වර්ජනය අදත්

නව සේවා ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස බල කරමින් අද (13) දිනයේ ද සියලු සේවාවලින් ඉවත්වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති පවසයි.

මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති සේවා ව්‍යවස්ථාව සඳහා තම පාර්ශ්වය සිදු කළ ඉල්ලීම් ඇතුළත් නොකිරීමට විරෝධ පළ කරමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (12) බලධාරීන් සමග සාකච්ඡාවක් කළ ද එය අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ කියා සිටියේ.

මේ අතර ග්‍රාම නිලධාරී හා පරිපාලන ග්‍රාමානිලධාරී ඒකාබද්ධ වෘත්තීය සංගම් සන්ධානයේ කැඳවුම්කරු ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, හෙට (14) රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, වර්ජනය පැවතිය ද මැතිවරණ රාජකාරීවලට බාධාවක් සිදු නොවන බවයි.