රාජ්‍ය සේවක වැටුප් ගැන ජනපති කැබිනට් එකට කිව්ව දේ

රාජ්‍ය සේවක වැටුප් ගැන ජනපති කැබිනට් එකට කිව්ව දේ

මෙම වර්ෂයේ ඉදිරි කාලය තුළ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග ඊයේ (15) දිනය තුළ අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටළු සම්බන්ධව සාකච්ඡා කළේය.

එම වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටළු රැසකට විසදුම් ලබා දීමට එකඟත්වය පළ විය. මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස සියලු වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කළේය.

ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා මෙම වසර තුළ නැවතත් කිසිදු අයුරකින් රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් ලබා දීමේ හැකියාවක් රජයට නොමැති බව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමන් පසුගිය සදුදා පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේ දී බවත්, මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් සිදු කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Share This