රාජ්‍ය ආයතන වලට නව චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතන වලට නව චක්‍රලේඛයක්

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛය, නිලධාරීන් වෙත යොමු කර තිබේ.

සියලු රාජ්‍ය ආයතන මැතිවරණ සමයේදී අදාළ රෙගුලාසි වලට අනුකූලව කටයුතු කළ යුතු බවයි, මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ජනාධිපතිවරණයේදී ආයතනික කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ලබන මාසයේ සිට ජනාධිපතිවරණයට අදාළ බාහිර පාර්ශ්ව ද මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.

මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි අඩංගු පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට ඊට අදාළ උපදෙස් නිකුත් කර ඇති බවය.