ගෝඨාභයගේ නිවස වටලන්න එන බවට බුද්ධි අංශ වෙත කලින් තොරතුරු ලැබී නෑ

ගෝඨාභයගේ නිවස වටලන්න එන බවට බුද්ධි අංශ වෙත කලින් තොරතුරු ලැබී නෑ

2022 වසරේ අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති උද්ගෝෂණ හා කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ඊට පෙර බුද්ධි තොරතුරු ලැබී නොතිබූ බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, එම උද්ඝෝෂණ වලදී තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුලින්ම අදාළ උද්ඝෝෂණය ආරම්භ වූ ආකාරය විස්තර කර තිබෙනවා.

එම අවස්ථාවේදී රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම උද්ඝෝෂණය ඇරඹීමට පෙර ඊට අදාළව බුද්ධි අංශ වලට තොරතුරු ලැබූ තිබුණේදැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා කියා සිටියේ එවැනි බුද්ධි තොරතුරක් ආරක්ෂක අංශ වෙත ලැබී නොතිබූ බවයි.

Share This