සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි
ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට කටයුතු කර තිබේ.
වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, එලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව, රුපියල් 230ට පැවති ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 220ට ද, රුපියල් 175ට පැවති පාන්පිටි කිලෝවක මිල රුපියල් 165ට ද, රුපියල් 240ට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235ට පහත දමා තිබේ.
එමෙන්ම රුපියල් 288ට පැවති රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 285ට ද, රුපියල් 210ට පැවති ආනයනික රතු කැකුළු කිලෝවක මිල රුපියල් 209ක් ලෙසද අඩු කර ඇත.
ඒ අනුව, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දින සිට ලබාගත හැකි බව ලංකා සතොස ආයතනය දැනුම් දී තිබේ.