රන් කොල්ලයේ සැකකරුවන් අල්ලන්න මහජන සහාය ඉල්ලයි

රන් කොල්ලයේ සැකකරුවන් අල්ලන්න මහජන සහාය ඉල්ලයි

කල්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රත්‍රං කිලෝ 37ක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා තිබේ.

මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධව කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් 05 දෙනෙකු නම් කර ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි, පොලිසිය පැවසුවේ.

එම සැකකරුවන් මැණික්හින්න, ගාල්ල, පුත්තලම සහ ගුන්නෑපාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් සහකාර පොලිස් අධිකාරි සමූහ විමර්ශන ඒකකය 0718591763 හෝ ස්ථානාධිපති සමූහ මංකොල්ල විමර්ශන ඒකකය 0718594916 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි, නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Share This