ඥානසාර හිමි උසාවියේදී වරද පිලි ගනී – ලක්ෂ 3ක දඩයකුත් ගෙවන්න වෙයි

ඥානසාර හිමි උසාවියේදී වරද පිලි ගනී – ලක්ෂ 3ක දඩයකුත් ගෙවන්න වෙයි

2014/04/09 කොළඹ හෝටලයක පැවති මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ චෝදනාවකට වරදකරුවන් කරමින්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 11 කට අධිකරණයෙන් රු:300,000 ක දඩයක් නියම කර තිබේ.

පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වා තිබුණේ 2014 වසරේ අප්‍රේල් මස 9 වනදාය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට නීතිවිරෝධී අයුරින් ඇතුලුවී සාපරාධී බලහත්කාරකමක් පෑම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ඇතුලු චෝදනා කිහිපයක් මොවුන්ට එල්ලවී තිබුණි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ නඩුව කැදවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් විවෘත අධිකරණයේ වරද පිළිගැනීම වෙනුවෙන් මෙලෙස දඩුවම් නියම කරනු ලැබුවේය.

අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් අවවාද කරමින් සමථ වීමට මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයටම අවසර ලබාදී තිබේ.

සිද්ධියට අදාළව ඇප ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, පූජ්‍ය විතාරණදෙණියේ නන්ද හිමියන්, පූජ්‍ය වැලිමඩ චන්දරතන හිමියන් ඇතුලු පිරිස ඇතුලු හත්දෙනා විවෘත අධිකරණය හමුවේ අද පෙනී සිටියේය.

Share This