අවසන් ග්ලැසියරයත් අහිමි වෙන ලකුණු

අවසන් ග්ලැසියරයත් අහිමි වෙන ලකුණු

ගෝලීය උණුසුම නිසා නිර්මාණය වූ එල් නීනෝ නමැති විපරිත දේශගුණික විපර්යාස හේතුවෙන් ලතින් ඇමෙරිකනු රාජ්‍යයක් වන වෙනිසියුලාවට අයත්ව තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිළෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

වෙනිසියුලාවට ග්ලැසියර කීපයක් තිබුණු අතර, ඒ සියල්ල සියල්ල දියවී හැකිළී ගියේ ද දේශගුණික විපර්යාස වල ප්‍රතිඵලයක් වශයෙනි.

ඉතිරිව තිබුණේ මුහුදු මට්ටමේ සිට මීටර් 5,000 ක් ඉහළින් සියේරා-නෙවාඩා කඳු පංතියේ පිහිටා ඇති ‘හම්බෝල්ට්’ ග්ලාසියරයයි.

මෙය හෙක්ටයාර් දෙකක ප්‍රදේශයක් පුරා පැතිර තිබුණු නමුත් දැන් දිනෙන් දින මෙය දියවී හැකිළීමට පටන් ගෙන ඇත.

Share This