ලෝක ප්‍රකට හෙවිවේට් බොක්සින් ශූර ජෝර්ජ් ෆෝමන් දිවියට සමුදෙයි

ලෝක ප්‍රකට හෙවිවේට් බොක්සින් ශූර ජෝර්ජ් ෆෝමන් දිවියට සමුදෙයි

ලෝක ප්‍රකට හෙවිවේට් බොක්සින් ශූරයෙකු වන ජෝර්ජ් ෆෝමන් මිය ගොස් තිබෙනවා

දරුවන් 12 දෙනෙකුගේ පියෙකු වන ඔහු මිය යන විට 76 වන වියේ පසු වුණ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1973 වසරේ පැවති පළමු ලෝක හෙවිවේට් බොක්සින් ශූරතාව ඔහු දිනා ගෙන ඇති අතර අනතුරුව 1994 පැවති දෙවන ලෝක හෙවිවේට් බොක්සින් ශූරතාව ද දිනාගැනීමට ඔහු සමත් උනා.

බොක්සින් වළල්ලේ බිග් ජෝර්ජ් ලෙස හැදින්වූ ජෝර්ජ් ෆෝමන් 1997 වසරේදී ක්‍රීඩාවට සමුදී තිබුණා.

ෆෝර්මන්ගේ ඥාතීන් ඊයේ (21) සවස ඉන්ස්ටග්‍රෑම් සටහනකින් ඔහුගේ මරණය නිවේදනය කර සිටියා.