ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වෙයි

ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වෙයි

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට මහනුවර පැවැත්වෙන සමගි ජන බලවේග මැතිවරණ ප්‍රචාරණ රැලියේ වේදිකාවට ගොඩ වුණාය.

එහිදී ඇය ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂක නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහයෝගය පළ කරන බව සඳහන් කළාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දරමින් පාර්ලිමේන්තු පැමිණි ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටින අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභාවල සාමාජිකත්වය දරනු ලබයි.