කථානායක ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

කථානායක ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධූරයෙන් ඉල්ලා අස්වූ බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, පසුගිය 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

මේ අතර, අශෝක රංවල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු කතානායක ධුරය සඳහා නව කථානයකවරයෙකු තෝරා පත් කරගැනිම අද සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමෙන් අනතුරුවයි.

අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් ද නමක් යෝජනා කිරීමට මේ වන විට තීරණය කර තිබේ.

විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාවයෙන් අදාළ යෝජනාව සිදුකිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඊයේ (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.