22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ.

මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙනි.

කෙසේ නමුත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ (18) සඳහන් කළේ, අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙස තමන් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි.