ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කරයි

ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කරයි

සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය පත්ව තිබෙනවා.

ඊයේ (15) දිනයේ එරට පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්දයෙන් අනතුරුව මෙසේ සමලිංගික යුවල සඳහා සමාන මාපිය අයිතිවාසිකම් ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අගමැති Kyriakos Mitsotakis පැවසුවේ නව නීතිය මගින් අසමානතාව තුරන් වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම නීතිගත කිරීමට එරෙහිව විරුද්ධත්වයක් දැක්වූ එරට ප්‍රබල ඕතොඩොක්ස් පල්ලියේ ආධාරකරුවන් ඇතන්ස්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා රැලියක්ද පවත්වා තිබෙනවා.

නමුත් විරෝධයන් මධ්‍යයයේ වුවද අදාළ පනත් කෙටුම්පත නීති සම්පාදකයින් විසින් සම්මත කර ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ දෙනෙක් අගනුවර Syntagma චතුරශ්‍රයේ බැනර් ප්‍රදර්ශනය කරමින් ඊට එරෙහිව විරෝධතාවේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මන්ත්‍රීවරුන් 300කින් සමන්විත පාර්ලිමේන්තුව තුළ පනත සම්මත කර ගැනීමට මෙම සරල බහුතරයක් අවශ්‍ය වී තිබුණා.

පනත සම්මත වීමත් සමග ග්‍රීසියේ LGBTQ සංවිධානය ඔවුන්ගේ ස්තූතිය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This