ලාෆ්ස් ගෑස් සමාගමෙන් පාරිභෝගිකයන්ට දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් සමාගමෙන් පාරිභෝගිකයන්ට දැනුම් දීමක්

මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලාෆ්ස් සමාගම පවසනවා .

ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සදහන් කළේ මාසික මිල සූත්‍රය අනුව මෙම තීරණය ගත් බවයි.

ගෑස් මිල ඉහළ යෑමේ හැකියාවක් ඇති බවට පැතිර ගිය ආරංචිත් සමග පසුගිය දින කිහිපය පුරාම දිවයින පුරා ගෑස් හිඟයක්ද පැවතුනා.

පාරිභෝගිකයන් චෝදනා කළේ මිල වැඩිකිරීමේ බලාපොරොත්තුවෙන් ගෑස් අලෙවිසැල් ගෑස් සඟවා ඇති බවයි.