කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් පිපිරීමක්

කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් පිපිරීමක්

කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් එහි නවාතැන් ගෙන සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

අද (11) උදේ 8.30 ට පමණ මෙම ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව පොලීසිය පවසීය.

ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් තුවාල ලබා ඇත්තේ මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක සහ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

උදේ ආහාර පිළියෙළ කිරීමට යාමේදී මෙම ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තුවාලකරුවන් කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා තිස්සමහාරාම දෙබරවැව රෝහලට මාරුකර යවා තිබේ.