ගෑස් මිල සංශෝධනයක්?

ගෑස් මිල සංශෝධනයක්?

ගෘහස්ථ LP ගෑස් මිල සංශෝධනයක් අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවයි, එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුව අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය ජුනි මස 4 වැනිදායි.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩුකිරීමට පියවර ගනු ලැබු අතර ඒ අනුව එහි වර්තමාන මිල රුපියල් 3,790ක් වේ.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් පහත දැමුණු අතර කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් පහත දමනු ලැබීය.

Share This