යුවලක් ගැරඬි ඇල්ලෙන් පනී

යුවලක් ගැරඬි ඇල්ලෙන් පනී

කොත්මලේ ගැරඬි ඇල්ලෙන් පහලට පැන සිය දිවි හානි කර ගැනීමට තැත් කරන ලද තරුණ යුවලක් බේරා ගැනීමට එම ප්‍රදේශයේ පිරිසක් පියවර ගෙන තිබේ.

මේ පිලිබදව කරන ලද විමසිමකදී අදහස් දැක්වු කොත්මලේ පොලිසියේ නිලධාරියකු පැවසුවේ, අද (05) දින පුස්සැල්ලාව ප්‍රොටෙක් වතුයායේ වයස අවුරුදු 18ක තරුණ යුවලක් සිය දිවි හානි කර ගැනීම සදහා කොත්මලේ ගැරඬි ඇල්ලෙන් පහලට පැන ඇති බවත්ය.

එම අවස්ථාවේදි එය දුටු ප්‍රදේශවාසින් පිරිසක් විසින් මෙම තරුණ යුවල බේරා ගෙන ඇති අතර මෙම දෙදෙනා අතර පෙම් සබදතාවයක් මත හට ගෙන ඇති ආරවුලක් මත මෙසේ සිය දිවි හානි කර ගැනිමට තැත් කර ඇති බවට මුලික පරික්ෂවලින් හෙලිව තිබේ.

මෙසේ බේරා ගත් තරුණ යුවල ප්‍රථිකාර සදහා පුස්සල්ලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සදහා ගම්පල මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බවත් මේ පිලිබදව කොත්මලේ පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

Share This