කෝටි 05ක කේරල ගංජා මාළු ලොරියෙන් අදිද්දී මාට්ටු

කෝටි 05ක කේරල ගංජා මාළු ලොරියෙන් අදිද්දී මාට්ටු

රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා, කේරළ ගංජා තොගයක් මාළු ප්‍රවාහනය කරන අධිශීතකරණ ලොරියක සඟවා ප්‍රවාහනය කරමින් සිටියදී මීගමුව පිටිපන ලෙල්ලම අසළ දී අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ දුන්ගාල්පිටිය පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට සිදු කර තිබුණි.

ධීවර බෝට්ටු මගින්, මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරන්නට ඇතැයි සැක කෙරෙන මෙම කේරළ ගංජා තොගය, පැකැට් 91 ක් ලෙස සකස් කර, ඒවා ගෝනි 05 ක අසුරා, පමුණුගම සිට මීගමුව දෙසට ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

එහි තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 200 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඒ සමඟම මන්නාරම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි එම ලොරි රථයේ රියැදුරු සහ 42 හැවිරිදි ලොරි රථයේ සහායකවරයා ද අත් අඩංගුවට ගෙන තිබේ.