කෝටි දෙකකට වඩා වටිනා කේරළ ගංජා සමඟ තුනක් අත්අඩංගුවට

කෝටි දෙකකට වඩා වටිනා කේරළ ගංජා සමඟ තුනක් අත්අඩංගුවට

ජාවාරම් කිරීම සදහා ප්‍රවාහනයට සූදානම් කර සඟවා තිබූ කෝටි දෙකකට වඩා වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 135යි ග්‍රෑම් 100 ක් අඩංගු පාර්සල් 60 ක් සමග සැකකරුවන් තිදෙනෙකු යාපනය ශාන්ත අන්තෝනි ක්‍රිස්තියානි දේවස්ථානය ඉදිරිපිට තාලයඩි වෙරළ තීරයේ දී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ත් 54 ත් අතර වයසේ පසුවන පේසාලේ සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව නාවික හමුදාව කියයි.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේණි පොලිස් ස්ථානය වෙතත් භාර දී ඇත.

Share This