ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරුගේ ඡායාරූප එළියට

ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරුගේ ඡායාරූප එළියට

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද (19) උදෑසන එල්ල වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ගනේමුල්ල සංජීවට වෙඩි ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු මේ වනවිට හඳුනා ගනෙ ඇති බව පොලීසිය පවසයි.

නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙඩික්කරු අධිකරණ භූමිය තුළට පැමිණි මොහොතේ ලබාගත් ඡායාරූපයක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමියේ තිබී සොයාගෙන තිබේ.

සංජීවට වෙඩි උණ්ඩ හයක් පමණ වැදී ඇති බවට අනාවරණය වී ඇති අතර ඔහු ජාතික රෝහලේ වෙත ඇතුළත් කරනු ලැබීය.

නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිටයි අධිකරණය වෙත රැගෙනවිත් තිබුණේ.

මනුෂ්‍ය ඝාතන 19ක් සම්බන්ධයෙන් මේ වනවිට ගණේමුල්ල සංජීවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු පාතාල කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වේ.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පියා ඝාතනය කිරීමේ චෝදනාවද ගණේමුල්ල සංජීවට එල්ල වී තිබුණි.

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.